Thursday, July 17, 2025
Follow Us
දහම් පාසල් ඇරඹේ

දහම් පාසල් අධ්‍යයන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. අදියර දෙකක් යටතේ එම කටයුතු ආරම්භ කෙරෙන බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව 6 සිට 13 ශ්‍රේණි දක්වා අද දිනයේ සිට අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්වයි.

1 සිට 5 ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ ලබන 23 වන ඉරිදා දින සිට බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ.

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ඉකුත් සමයේ දහම් පාසල් ද වසා දැමුණා. මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය මේ වනවිට පාලනයවීම හේතුවෙන් අද සිට දහම් පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කළ බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ.

(Neth)