Thursday, July 17, 2025
Follow Us
ඉන්හේලර් මඟින් මත්ද්‍රව්‍ය බෙදන අලුත් ජාවාරමක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කොළඹ, ප්‍රසිද්ධ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා නව උපක්‍රම භාවිත කිරීමට පෙළඹී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය ආග්‍රහණය කළ හැකි “ඉන්හේලර්” උපකරණ පාසල් දරුවන්ට අලෙවි කිරීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පෙළඹී ඇති බව ඒ මහතා පැවසීය.

ඊයේ(14) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

පාසල් දරුවන්ගේ දෙමාපියන් පිරිසක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් එහිදී මෙම ඉන්හේලර් උපකරණයක් රුපියල් 15,000ක පමණ මුදලකට අලෙවි කරන බව අනාවරණය වු බවත් ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් පාසල් දරුවන් භාවිත කරන උපකරණ පිළිබඳව දෙමාපියන් විශේෂ අවධානයකින් යුක්තව කටයුතු කළ යුතු බවත් ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

(Lanka Leads)