Wednesday, May 13, 2026
Follow Us
තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

නව කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් සිව්දෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ජපානයෙන් පැමිණි අයෙක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් පැමිණි 03 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් වේ.

මේ වනවිට හඳුනාගෙන සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2886ක් වන අතර ඉන් සුවය ලැබූ සම්පූර්ණ පිරිස 2659ක් වේ. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 217 ක් වනවා.

(Neth)