Thursday, July 17, 2025
Follow Us
උ.නැ දෙමළ අපි සිංහල අන්තවාදයට එරෙහිව නැගිටිමු – විග්නේශ්වරන්

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටිය යුතු බව දෙමළ ජනතා ජාතික එකමුතුවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.

මෙම එකමුතුව වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද ඔහු කියා සිටියේය.

මැතිවරණයෙන් ජය ගැනීමෙන් පසු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

දෙමළ ජාතික මන්ත්‍රීවරුන් එකමුතුව දෙමළ ජනතාවට සාධාරණ දූෂණ වංචා වලින් තොර දෙමළ නිජබිමක් පදනම කරගත් නායකත්වයක් නිර්මාණය කරගත යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී නැගිටීම හමුවේ ඔවුන්ට බියෙන් ජීවත් වීම හෝ ස්වයං තීරණ අයිතිය ගැන කතා කිරීමෙන් වැළකී නොසිටිය යුතු බවත් එමගින් තවදුරටත් පෙන්වා දෙයි.

(Lanka Leads)