කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 15 වැනි දින පැය 9ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජලසම්පාදන මණ්ඩලය සදහන් කළේ අගෝස්තු 15 වන දින රාත්‍රී 8.00 සිට 16 වැනි දින උදෑසන 5.00 දක්වා ජලසැපයුම අත්හිටුවන බවයි.
මේ අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සැපයෙනු ඇත.
(Aruna)