Thursday, July 17, 2025
Follow Us
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 27ක් හදුනාගැනේ

මෙරට තවත් කොවිඩ්-19 ආසාදිතයින් 27දෙනෙකු ඊයේ හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2871 දක්වා ඉහළ ගොස් තිබේ.

හඳුනාගැණුනු ආසාදිතයින් 27 දෙනා අතර සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 දෙනෙකු සිටින බවත් ඔවුන් සියලුදෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටින අය බවත් සෞඛ්‍ය අංශ පවසයි.

අනෙක් පුද්ගලයින් සිව්දෙනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වෙයි.

ඒ අනුව මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 267 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 2593 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

(Aruna)