Wednesday, May 13, 2026
Follow Us
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙහෙයුම ඇරඹේ - ගත වූ පැය විසි හතර තුල රටවල් තුනකින් ශ්‍රී ලාංකිකයන් ගෙන්වයි

කෝවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් 03 ක රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 462 දෙනෙකු ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.

ජපානයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 148 දෙනෙකු රැගත් ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය ජපානයේ නරීටා ගුවන් තොටුපළේ සිට අද අලූ‍යම 4.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූ බවයි ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 28 දෙනෙකු රැගත් කටාර් ගුවන් සේවයේ ගුවන් යානය අද අලූ‍යම 1.45 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඕස්ටේ‍්‍රලියාවේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැුගත් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය ඊයේ රාත‍්‍රී 9.50 ට පමණ මෙල්බර්න් නුවර සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු ස`දහන් කළේ.

මේ අතර, ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළේ සිට සිවිල් නාවිකයින් 36 දෙනෙකු රැගත් ගුවන් යානා 02 ක් අද පෙරවරුවේ දිවයිනට පැමිණි බව කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. දිවයිනට පැමිණි ගුවන් මගීන් සියලූදෙනා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

(Neth)