Wednesday, July 16, 2025
Follow Us
මහ මැතිවරණයෙන් පසු ජවිපෙත් කැළඹෙයි.. නායකත්වය ලාල්කාන්තට දෙන්නැයි ඉල්ලීම්..

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් අනුර කුමාර දිසානායක මහතා ඉවත් විය යුතු යැයි එම පක්ෂය සමඟ ඉතා සමීපව කටයුතු කරන රංගන ශිල්පිනියක් වන අනෝමා ජනාදරී මහත්මිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දී ඇත්තේ බිම් මට්ටමට තේරෙන බසින් ආමන්ත්‍රණය කළ හැකි කේ.ඩී. ලාල්කාන්ත මහතාට පක්ෂයේ නායකත්වය බාර දිය යුතු බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇය මෙම අදහස පල කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයෙන් දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර මන්ත්‍රී ආසන 03 දක්වා ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය අඩුවී තිබේ.

අනුර, බිම් මට්ටමට තේරෙන බසින් ආමන්ත්‍රණය කළ හැකි ලාල්කාන්ත සහෝදරයාට නායකත්වය භාර දෙන්න ! – අනෝමා ජනාදරී

(Lanka Leads)