Saturday, March 28, 2026
Follow Us
පොලිසියට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ අයෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් වෙත ජීව අත්බෝම්බයකින් ගසා පලායාමට උත්සාහ කළ වරෙන්තුකරුවෙකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, වැල්ලවාය අධිකරණයේ විභාග වන නඩුවක වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වැල්ලවාය ගම්පංගුව ප‍්‍රදේශයට ගොස් තිබූ අවස්ථාවේ අදාළ වරෙන්තුකරු ජීව අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර පලා යාමට උත්සාහ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම අත්බෝම්බය පුපුරා ගොස් නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු වැල්ලවාය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු යුද හමුදා සේවයෙන් පලාගොස් සිටින පුද්ගලයෙකු බවට ද පොලිසියට කරුණු අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.

(Neth)