Wednesday, July 16, 2025
Follow Us
අමුත්තන්ට බන්ධනාගාර විවෘත කිරීමට යයි

අමුත්තන්ට බන්ධනාගාරගත රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඉකුත්දා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රැඳවියෙකු හමුවීමත් සමග අමුත්තන්ට රැුඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබා දීම නතර කෙරුණා. කෙසේවෙතත් කොරෝනා වසංගත තත්ත්වය මේ වන විට පාලනය කර තිබිම හේතුවෙන් අමුත්තන්ට රැඳවියන් බැලීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය කියාසිටියේ.

ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ලබන 15 වනදා සිට අමුත්තන්ට එම අවසරය ලබාදීමට දැනට සැලසුම් කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ. කෙසේ වෙතත් එම අවස්ථාව ලබා දෙනු ලබන්නේ සීමාවන්ට යටත්ව බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)