Wednesday, July 16, 2025
Follow Us
19 දිගටම කි‍්‍රයාත්මක කරන්නැයි ජිනීවා සමුළුව රජයෙන් ඉල්ලයි…! ජිනීවා යෝජනාවලට එරෙහිව දිගටම සටන් කරනවා… සරත් වීරසේකරගෙන් ප්‍රතිඥා

ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවට විරුද්ධව දිගටම සටන ගෙනයන බව කොළඹ දිස්ති‍්‍රක්කයෙන් පොදුජන පෙරමුණෙන් වැඩිම මනාප ලබාගත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (07 දා) පැවසීය.

2021 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත නැවතත් ජිනීවා යෝජනාව ඉදිරිපත් වෙනවා. මේ නිසා නව රජයේ සහයෙන් අපේ සටන ඉදිරියටම කි‍්‍රයාත්මක කරනවා යැයි හෙතෙම තවදුරටත් කීවේය.

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වැඩපිළිවෙළ ජනතාව අනුමත කර බලය ලබාදීම ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයාකරන හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා සහ කොටි ඩයස්පෝරාව ලත් බරපතළ පරාජයක් බව වීරසේකර මහතා සඳහන් කළේය.

මේ අතර රජය 19 වන සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ කරන බව රාජ්‍ය නොවන සංවිධාන විසින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත පැමිණිලි කර තිබෙන අතර 19 වැනි සංශෝධනය දිගටම කි‍්‍රයාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රජයෙන් ඉල්ලා ඇත.

එහෙත් මේ ඉල්ලීමට රජය ප‍්‍රතිචාර දක්වා නැත.

(Lanka Leads)