Wednesday, July 16, 2025
Follow Us
SF ලොක්කා වෙඩිවැදී මියයයි - වාහනයටත් ගිනි තබලා

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන 'එස්.එෆ්. ලොක්කා' හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා අද දහවල් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. දහයියාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එස්.එෆ්. ලොක්කාට අමතරව තවත් කාන්තාවක් අදාල මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලැබූ එම කාන්තාව මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල මෝටර් රථයද ගිනිගෙන ඇති අතර ඉන් මෝටර් රථයට දැඩිලෙස අලාභ හානි සිදුව තිබෙනවා.

අනුරාධපුර නගරයේ ප්‍රකට සමාජ ශාලා හිමිකරුවෙකු වූ කරාටේ වසන්ත නමැත්තා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මියගිය එස්.එෆ්. ලොක්කා නමැත්තාට චෝදනා එල්ල වී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෙඩිතැබීම සිදුකළේ කවුද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් අනාවරණය වී නොමැත.

(LNW)