Friday, July 03, 2026
Follow Us
හිරෙන් පැන්න පූසා අල්ල ගනී

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය පූසා නැවත සොයාගෙන ඇති බව බන්ධනාගාර මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම පූසා සොයාගෙන ඇත්තේ බන්ධනාගාරය අවට සැරිසරමින් සිටියදීය.

හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් හතක්, සිම්කාඩ්පත් දෙකක් සහ මෙමරි කාඩ්පතක් ඉටිකවරයක බහා මෙම පූසාගේ ගෙලෙහි බැඳ තිබියදී පසුගිය 1 වැනිදා (සෙනසුරාදා) මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටදී මෙම පූසා අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාරයේ කාමරයක රඳවා සිටියදී පෙරේදා (3 වැනිදා) මෙම පූසා අතුරුදන්විය.

ඊයේ (4 වැනිදා) බන්ධනාගාරය අවටින් පූසා සොයාගත්තේ ඉන් අනතුරුවය. මත්ද්‍රව්‍ය සමග පසුගිය 1 වැනිදා මෙම පූසා අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරියා ඇගයීමට ලක්කිරීමට බන්ධනාගාර මූලස්ථානය මේ වන විට පියවර ගෙන තිබේ.

(Aruna)