Wednesday, July 16, 2025
Follow Us
ලංකාපුර තවත් පුද්ගලයෙකුට කොරෝනා

මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 2824 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී තවත් ආසාදිතයෙකු තහවුරු කර ගැනීමත් සමගිනි.

අද දිනයේදී හමු වූ පුද්ගලයා මීට පෙර ලංකාපුර ප්‍රදේශයෙන් හඳුනා ගත් ආසාදිතයෙකුගේ සමීපතමයෙකු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඒ අනුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය හා ඒ ආශ්‍රිතව මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 603 කි.

මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලන් 2517 දෙනෙකු සුවය ලබා ඇති අතර තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් ප්‍රමාණය 296 කි.

(LNW)