Monday, March 23, 2026
Follow Us
දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ට විශේෂ අවස්ථාවක්

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

ඒ තම රහස්‍යභාවය රැකෙන ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමය මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුවය.

එමෙන්ම, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලබාගෙන නොමැති ඡන්ද දායකයන්ට ඒවා ලබා ගැනීම සඳහා හෙට (04) සහ අනිද්දා (05) දිනයන්වල තැපැල් කාර්යාල විවෘතව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව පවතින බවය.

(Lanka Leads)