Wednesday, July 16, 2025
Follow Us
මත්ද්‍රව්‍ය ජාවාරමේ අලුත්ම එක

තොග පිටින් පසුගිය කාලයේ මෙරටදී හමු වූ හෙරොයින් හා කොකේන් අලෙවි කර මුදල් ලබා දීමට ගෙනැවිත් ඇති අතරඑම තොග පොලිස් අත්අඩංගුවට පත්වන බව හඟවා මාධ්‍ය මගින් ප්‍රචාරය කරවා මුදල් ලබා නොදීමේ ජාවාරමක්ද සිදුව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයේ පිහිටුවාගෙන ඇති නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සංවිධානයක් සමග සම්බන්ධ වී වෙලේ සුදා විසින් මෙම තොග බොහොමයක් ආනයනය කර ඇත.

එසේ රට තුළට රැගෙන එන මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඔත්තුකරුවෙකු හරහා පොලිස් මාධ්‍ය කාර්යාංශයේ හෝ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමකට තොරතුරු ලබාදී ඉන් දෙකෙන් පංගුවක් අලෙවි කර ඉතිරි පංගුවට නොයෙක් ද්‍රව්‍ය එකතු කර මුළු තොගය සමාන ප්‍රමාණයකින් සකසා අත්අඩංගුවට පත් කෙරෙයි. එම විශාල තොගය සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග ඇෆ්ගනිස්ථානයේ හෝ පාකිස්තානයේ සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට මුදල් ලබා නොදී සිටීමේ උපක්‍රමයක් භාවිත කර ඇති බව හෙළි වේ.

මෙසේ මාලදිවයිනට හෝ ඉන්දුනීසියාවට යවන මත්ද්‍රව්‍ය තොගද ශ්‍රී ලංකාවට සමාන්තරව වැටී ඇති ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ද අත්අඩංගුවට ගත් බව හඟවා කොටසක් අලෙවි කර මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා ගන්නේ එහි තවත් උපක්‍රමයක් ලෙස බව වාර්තා වේ. මෙම ජාවාරමට වෙලේ සුදාගේ පදයට නටන පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඔහුගෙන් ලැබෙන වරප්‍රසාදවලට හසු වී සිටින බව වාර්තා වේ.

(Lanka Leads)