Tuesday, July 15, 2025
Follow Us
නැගෙනහිර ජැටිය වෙනුවෙන් හයවන දිනටත් වරාය සත්‍යග්‍රහය ක්‍රියාත්මකයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක විය යුතු බවට මහ මැතිවරණයට පෙර ලිඛිත පොරොන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහය අද (02) හයවන දිනටත් ක්‍රියාත්මකයි.

කොළඹ වරායේ වෘත්තීය සමිති 23ක් ඊට සහය දක්වමින් සිටියි.

කෙසේවෙතත් පොලීසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණේ වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස සහ අවට රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම සඳහා ඉඩ ලබා දෙන ලෙස අවධාරණය කරමිනි.

වරාය පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ අධිකරණ නියෝගය ලබා දී තිබු අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින්ව දැනුවත් කරන ලදී.

අධිකරණ නියෝගයට ගරුකරමින් අවහිර කර තිබූ වරාය පිවිසුම් මාර්ගය විවෘත කළ අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එම වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබුණි.

එමෙන්ම මෙම ප්‍රශ්නය විසඳාගැනීම සඳහා සාකච්ජා කිරීමට අද (07) උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ වෘත්තීය සමිති නියෝජිතයින්ට අවසර දී තිබුණි.

එම සාකච්ජාව සංවිධානය කර තිබුණේ තංගල්ල කාල්ටන් නිවසේදීයි

වර්ජනය හේතුවෙන් දිනකට රු.මිලියන 700ක් පමණපාඩුවක් සිදුවන බවද වෘත්තීය සමිති පෙන්වා දී තිබේ.

(LNW)