Tuesday, July 15, 2025
Follow Us
කොවිඩ් -19 පාලනය කිරීම පිණිස මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි

කොවිඩ් -19 පාලනය කිරීම පිණිස ප්‍රශංසනීය සේවාවක් ඉටුකරන නිලධාරී කණ්ඩායමක් වන මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අගෝස්තු මස තුන්වන සතියේදී යතුරු පැදි ලබාදීමට සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

කොවිඩ් -19 වසංගතයෙන් ශ්‍රී ලාංකේය ජනතාව රැක ගැනීම පිණිස ප්‍රශංසනීය සේවාවක් ඉටුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙනුවෙන් යතුරු පැදි ලබාදීම අගෝස්තු 20 දින පමණ වනවිට සිදුකළ හැකි බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

මේ වන විට එම කරුණට අදාල ප්‍රසම්පාදන කටයුතු සියල්ලම අවසන්ව ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් උපදෙස් පරිදි යතුරු පැදි අවශ්‍ය බවට අදාල නිර්ණායක අනුව තෝරා එවා ඇති සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙවර යතුරු පැදි ලබාදීමට හැකිවන බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියයි.

මෙම කරුණු හා සබැඳිව විවිධ පාර්ශව විසින් කරනු ලබන විමසීම් වලට ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මෙම කරුණු අනාවරණ කළේ ය

(news.lk)