Tuesday, July 15, 2025
Follow Us
දහම් පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කරයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට වසා දමා ඇති බෞද්ධ දහම් පාසල් අදියර දෙකක් යටතේ නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සදහන් කළේ 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා අගෝස්තු මස 16 වනදා දහම් පාසල් ආරම්භ කරන බවයි.

1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා අගෝස්තු 23 වැනිදා සිටි දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය කර ඇති බව ඒ මහතා සදහන් කළේය.

සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් අනුව කටයුතු කරමින් දහම් පාසල් ආරම්භ කරන බව ද සුනන්ද කාරියප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)