Monday, July 14, 2025
Follow Us
වැලිකඩින් තවත් කොරෝනා රෝගියෙකු හමුවෙයි. ගාල්ල බන්ධනාගාරයෙන් පැමිණි අයෙක් !

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් ඊයේ (26) දිනයේදී තහවුරු වූ බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි.

එම රැඳවියා ගාල්ල බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ අයෙකු බවත් සඳහන්.

ඒ අනුව එම රැඳවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටි බැවින් එම රෝහල් කාර්ය මණ්ඩලය ද ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් 200ක් පමණ ද PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමට පියවර ගත් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

(LNW)