Monday, July 14, 2025
Follow Us
වික්ටෝරියා වේල්ලේ පැල්මක්

වික්ටෝරියා ජලාශයේ වේල්ලේ පැල්මක් සම්බන්ධව මහවැලි අධිකාරිය විසින් පුළුල් නිරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අඩි 500ක් පමණ උසැති වික්ටෝරියා වේල්ලේ පහළ ප්‍රදේශයේ මීටර් හතරක්, පහක් පමණ දුරට පැල්ම දක්නට ලැබෙන බවත්, එය මතුපිටින් පමණක් දක්නට ලැබෙන බවත් මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා පවසයි. කෙසේ වෙතත් වේල්ලේ තිරස් අතට ද මෙම පැල්ම දක්නට ලැබෙන බව පැවැසේ.

මේ පිළිබඳ ඉංජිනේරුවන් යොදවා දිනපතා නිරීක්ෂණය කිරීමට ද මහවැලි අධිකාරිය කටයුතු යොදා ඇත.

ජර්මන් තාක්ෂණය යොදාගෙන බැම්ම නිරතුරු පරීක්ෂා කරන බවත්, ඊට අවශ්‍ය තාක්ෂණික උපකරණ ද භාවිත කෙරෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

(Aruna)