Monday, July 14, 2025
Follow Us
ආනයන තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන්නේ කවදාද

මෝටර් රථ ආනයන තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන්නේ කවදාද යන්න නිශ්චිතව දැක්වෙන සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

සිය සංගමය සාමාජිකයන් මිලදී ගැනීම් සඳහා සූදානමින් සිටින බැවින් එලෙස ආනයන තහනම ඉවත් කෙරෙන නිශ්චිත කාලයක් දැනුම් දෙන තුරු දැනට විවෘත කර ඇති ණයවර ලිපි වෙනුවෙන් වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය යුතු බවද එම සංගමයේ ලේකම් ආරෝෂ රො​ද්‍රිගු පැවැසීය.

මෙරට මෝටර් රථ වෙළෙඳාම බිඳ වැටීමකින් තොරව පවත්වා ගැනීමට නම් ඇතැම් වාහන කාණ්ඩවලට පනවා ඇති ආනයන තහනම වහාම ඉවත් කළ යුතු බවද සභාපතිවරයා පෙන්වා දෙයි. රජය විසින් ඊට අදාළ සැලැස්මක් ඉදිරිපත් නොකරන්නේ නම් තම පාර්ශ්වය විසින් ඒ සඳහා සකස් කර ඇති සවිස්තරාත්මක සැලැස්මට අනුමැතිය ලබාදෙන ලෙසද හෙතෙම ඉල්ලා සිටියි.

(Aruna)