Monday, July 14, 2025
Follow Us
ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී සාර්ථකව සිදුකර තිබේ.

දිවයින පුරා සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සක්‍රීය දායකත්වය ද සමග විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රධාන ශල්‍ය වෛද්‍ය කණ්ඩායම විසින් මෙම සැත්කම සිදුකර ඇත.

මෙම මස 14 වන දින උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය මගින් ජීවී දායකයෙකුගේ අක්මාවකින් කොටසක් උපයෝගී කරගනිමින් වයස අවුරුදු 09ක් වන සිරෝසීස් රෝගයෙන් දීර්ඝකාලීනව අපහසුතා විදි දරුවෙකුට මෙම සැත්කම සිදු කර තිබේ.

“මට අලුත් අක්මාවක් සමගම අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තුතියි. ඔබ මට කළා මෙන් හොදම දෙයක් ලෝකයට සිදු කිරීමට මම පොරොන්දු වෙමි. කරුණාකර අනෙක් යාළුවන්ටත් උදව් කරන්න. අපට ජීවත් වෙන්න තව එක අවස්ථාවක් උදා කර දෙන්න.” යැයි සුවය ලද දැරිය පවසා ඇත.

(Lanka Leads)