Monday, July 14, 2025
Follow Us
විශ්ව විද්‍යාලතුල කෝවිඩ් පොකුරක් ඇතිවීමේ අවධානමක්

විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන තුල පවත්වන ඇතැම් උත්සව හේතුවෙන් නැවත කෝවිඩ් පොකුරක් ඇති විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවයි.

එම සංගමය පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල කිහිපයක අවසන් වසරේ විභාග අවසන් වීමෙන් පසු විවිධ උත්සව පවත්වා ඇති බවයි. මෙහිදී සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක නොවන බවත් එය අවදානම් තත්වයක් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.

එමෙන්ම අදාල උත්සව සඳහා සමාජ ක්‍රියාකාරින් ඇතුලුව පරිබාහිර පුද්ගලයින්ද සහභාගි කරවා ගැනිම තුල විශ්ව විද්‍යාල තුලින් කොරෝනා ව්‍යාප්තියක් ඇති විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි

(Aruna)