Monday, July 14, 2025
Follow Us
එම්. සී. සී. ගිවිසුමෙන් ලංකාවේ ඉඩම් අහිමි වන හැටි හෙළිවෙයි

ඇමෙරිකානු එම්. සී. සී. ගිවිසුම තුළින් ශ‍්‍රී ලංකාවේ ඉඩම්වලින් සියයට 67 ක් පෞද්ගලික පාලනයට පැවරෙන බව ඇමෙරිකාවේ ඕක්ලන්ඞ් ආයතනය ශ‍්‍රී ලංකා රජයට අනතුරු අඟවමින් ප‍්‍රකාශ කර ඇත.

මේ නිසා මුහුදු වෙරළ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ගොවි බිම් සහ ධීවර කලාපවල දස දහස් සංඛ්‍යාත ජනතාවකට සිය ඉඩකඩම් අහිමි වන බව ද එම ආයතනයේ අධ්‍යයන වාර්තාවේ තවදුරටත් සඳහන් කර තිබේ.

එම්. සී. සී. ගිවිසුම භයානක ගිවිසුමක් බවට කරුණු හෙළිකළ මුල්ම ඇමෙරිකානු වාර්තාව මෙය වේ.

ශ‍්‍රී ලංකාවට ණය ලබාදුන් ජාත්‍යන්තර ආයතනවලට මෙම ගිවිසුම යටතේ ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩ ලැබෙන අතර එම ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදීම සිදුවන බව ද ඕක්ලන්ඞ් ආයතනය ශ‍්‍රී ලංකා රජයට වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.

මෙම එම්. සී. සී. ගිවිසුමට අයත් ඉඩම් දැනටමත් සිතියම්ගත කර ඇති බව ද ඕක්ලන්ඞ් ආයතන වාර්තාවේ දක්වා ඇත.

(Lanka LEads)