Sunday, February 15, 2026
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජලය නෑ

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (25) රාත්‍රී 8.00 සිට හෙට (26) උදෑසන 5.00 දක්වා පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශයන් ට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.

(Aruna)