Saturday, February 14, 2026
Follow Us
තවත් කොරෝනා රෝගීන් 10ක් හඳුනා ගැනේ

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 10 දෙනෙකු අද පස්වරු 2.55 වන විට වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 09 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු හිදී කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බවයි වාර්තා වන්නේ.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2763ක් වන අතර සුවය ලබා ඇති සමස්ත රෝගීන් පිරිස 2094ක් වනවා.

මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 658ක් වනවා.

(Neth)