දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ අද 08 වැනි දිනට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි. එම නිසා අද දින දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන් අසනීප නිවාඩු වාර්තා කර ඇති බවත් සඳහන් කළා..
මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කරන කාර්යයන් රැසක් අඩපණ වනු ඇතැයි ද ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
ගොඩනැගිලි අයදුම් පත්‍ර පරීක්ෂාව, වෙළඳ සැල් පරීක්ෂාව, ආහාර සෞඛ්‍ය කටයුතු පරීක්ෂාව, කැළිකසල කළමනාකරණ කටයුතු ආදී කටයුතු සියල්ලක්ම අද දිනයේ සිට නවතින බවයි පෙන්වා දුන්නේ.
(Neth)