Saturday, February 14, 2026
Follow Us
සඳුදා ඇරැඹෙන 11,12,13 ශ්‍රේණි සවස 3.30 දක්වා

පාසල්වල ලබන සඳුදා (27 වැනිදා) සිට ආරම්භ කෙරෙන ශ්‍රේණි සඳහා සවස 3.30 දක්වා ඉගැන්වීම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම ශ්‍රේණිවලට අදාළ ගුරුවරුන් හැර වෙනත් ගුරුවරුන් පාසලට පැමිණීම අවශ්‍ය නොවන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම විධිවිධානවලට අදාළ නව චක්‍රලේඛයක් අද (23 වැනිදා) හෝ හෙට (24 වැනිදා) නිකුත් කිරීමට නියමිතය. ලබන සඳුදා ආරම්භ කෙරෙන්නේ එකොළහ, දොළහ සහ දහතුන යන ශ්‍රේණි පමණි. එමෙන්ම අගෝස්තු මස 10 වැනිදා සිට සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් වෙනම චක්‍රලේඛයක් නිකුත් කෙරෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

(Aruna)