රාජ්‍ය සේවයේ නිරතව සිට විශ‍්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලූම විශ‍්‍රාමිකයින්ට අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.
මින් පෙර අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ හිමි වූයේ 2016 ජනවාරි පළමු වැනිදාට පසු විශ‍්‍රාම ගිය රජයේ සේවකයන්ට පමණයි. එසේ ප‍්‍රතිලාභ ලැබූ පිරිස සමස්ත විශ‍්‍රාමිකයන්ගෙන් සියයට 10 ක ප‍්‍රතිශතයක් පමණක් බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.
එහෙත්, 2016 ජනවාරි පළමු වැනිදාට පෙර විශ‍්‍රාම ගිය හයලක්ෂයක් පමණ පිරිසට අග‍්‍රහාර රක්ෂණයට දායකවීමේ අවස්ථාවක් මෙතෙක් ලැබී තිබුණේ නැහැ.
එබැවින් රාජ්‍ය සේවයේ විශ‍්‍රාමිකයින් සඳහා අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීමේදී විෂමතාවක් නිර්මාණය වී ඇතැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නිරීක්ෂණය කෙරුණා.
ඒ හේතුවෙන් එම විෂමතාව ඉවත් කොට 2016 ජනවාරි පළමු වැනිදාට පෙර විශ‍්‍රාම ලැබූ සියලූම රජයේ සේවකයන්ට ද ප‍්‍රතිලාභ අත්වන අයුරින් රක්ෂණ ක‍්‍රමය පුළුල් කිරීමටයි අග‍්‍රාමාත්‍යවරයාගේ යෝජනාවට අනුව අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
අග‍්‍රහාර රක්ෂණ ක‍්‍රමය තවත් පුළුල් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති බව අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව රජයේ සේවකයින්ට සහ සියලූ විශ‍්‍රාමිකයින්ට ගුණාත්මක අගයෙන් යුත් ඉහළ සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි වන පරිදි විශේෂ වූ සෞඛ්‍ය සේවා ක‍්‍රමයක් සැකසීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා. දිවයිනේ සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි රජයේ ප‍්‍රමුඛ රෝහල්වල රජයේ සේවකයන් සහ විශ‍්‍රාමිකයන් සඳහාම සුවිශේෂ වන වාට්ටු ස්ථාපනය කිරීමට නියමිතයි.
ප‍්‍රතිකාර සඳහා එවැනි වාට්ටුවලට ඇතුළත් වන රජයේ සේවකයින්ට හා විශ‍්‍රාමිකයින්ට අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ ක‍්‍රමය තවදුරටත් පුළුල් කිරීමට ද යෝජනා වී තිබෙනවා.
බොහෝ විශ‍්‍රාමිකයන්ගේ මාසික විශ‍්‍රාම වැටුප තවමත් රුපියල් 20,000ට අඩු අගයක් ගන්නා බවට ද කරුණු අනාවරණය වී ඇති බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.
එම විෂමතාව වහාම ඉවත් කිරීම සඳහා සුදුසු යෝජනා ඉතා ඉක්මණින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජාතික වැටුප් කොමිසමට දැනුම් දීමට ද රජය තීරණය කර තිබෙනවා.
(Neth)