වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ තහනම් භාණ්ඩ මුදලට විකුණූ රැදවියන් දෙදෙනෙකු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කර තිබෙනවා.
එක් කාන්තා රැදවියක් ජංගම දුරකතනයට යොදන බැටරි අනෙකුත් කාන්තා රැදවියන්ට මුදලට විකුණූ අයෙක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඇය විසින් එක් බැටරියක් අලෙවි කර ඇත්තේ රුපියල් 4,000 ක පමණ මිලකට බවද වාර්තා වනවා.
අනෙක් කාන්තා රැදවියා ජංගම දුරකතන ඇතුළු තවත් තහනම් භාණ්ඩ සෙසු කාන්තා රැදවියන්ට මුදලට ලබාදී තිබෙනවා. මෙම කාන්තා රැදවියන් දෙදෙනා ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ පිටත සිටින පුද්ගලයන් හරහා ලබා ගන්නා බවයි අනාවරණ වී ඇත්තේ.
කාන්තා රැදවියන් දෙදෙනා ලබාදෙන ඇණවුම්, පාර්සල් ලෙස සකසා පිටස්තර පුද්ගලයන් කාන්තා බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරනු ලබන්නේ එම රැදවියන් දෙදෙනාට ලබාගත හැකි පරිදි බවට ද තොරතුරු ආනවරණ වී තිබෙනවා. මේ වනවිට එම කාන්තා රැදවියන් දෙදෙනා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වෙන වෙනම රඳවා සිටින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.
(Neth)