Monday, July 14, 2025
Follow Us
රාජාංගණයේ නිරෝධායනයට යොමු කළ පිරිසට දෙවන වරටත් PCR සිදු කිරීම ඇරඹේ

රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරෝධායනයට ලක් කර සිිටින පුද්ගලයින් දෙවන වරටත් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

අනුරාධපුර ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක පැවසුවේ අද (22) දිනය තුළ පුද්ගලයින් 180 දෙනෙකු පමණ දෙවන වටයේ PCR පරීක්ෂණ සඳහා යොමු කරන බවයි.

රාජාංගණය ප‍්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 19 දෙනෙකු පමණක් බව ද වෛද්‍ය තේජන සෝමතිලක වැඩිදුරටත් සඳහන් කළා.

නිරෝධායනයට ලක් කර ඇති 1159 අතරින් පළමු වටයේ PCR පරීක්ෂණ 900ක් පමණ සිදු කර තිබුණා. ඒ අතරින් 60% පමණ දෙවන වටයේ PCR සිදු කරනු ඇති. අද දිනයේ PCR 180ක් පමණ සිදු කරන්නට සූදානම් කර තිබෙනවා. මේ ඇසුරෙන් අවසන් රෝගියා වාර්තා වී තිබුණේ මීට දින දෙකකට පමණ පෙරයි. ඒ වයස 14ක දැරියක්.

(Neth)