Monday, July 14, 2025
Follow Us
අපරාධ කල්ලි බන්ධනාගාර බස්වලට ඉව අල්ලති ප්‍රහාරයක් ගැන බුද්ධි අංශ අනතුරු හඟවයි

දරුණු ගණයේ අපරාධ කරුවන් හා ජාවාරම්කරුවන් රැගෙන යන බන්ධනාගාර බස් රථවලට අපරාධ කල්ලිවලින් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි බුද්ධි අංශ අනතුරු හඟවා ඇත. බන්ධනාගාර ගතව සිටින අපරාධකරුවන්ගේ කල්ලිවල බලය පෙන්වීමට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක් ඇතැයි බුද්ධි අංශ පවසා තිබේ.

කළුතර එතනමඩල දී පාතාල කල්ලි නායක සමයං රැගෙන එන බන්ධනාගාර බස් රථයට 2017 පෙබරවාරි 27 වැනිදා එල්ල කළ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ගැන මෙහි දී අනතුරු හඟවා ඇත.

හෝමාගම, පිටිපන දී සොයා ගත් කොස්ගොඩ තාරකට අයත් බව කියන ගිනි අවි 12 කංජිපානි ඉම්රාන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට ගෙන ආ බවට විමර්ශන නිලධාරීහු සැක පහළ කළහ. කොස්ගොඩ සුජී විසින් හෙරොයින් සමග ආර්.පී.ජී. ඇතුළු ගිනි අවි මෙරටට එවා තම ප්‍රතිවිරුද්ධ කල්ලියේ නායකයා වූ කොස්ගොඩ තාරක ඝාතනය කිරීමට සැලැසුම් කළ බව පසුගිය වසරේ හෙළි විය.

Aruna.lk