Monday, July 14, 2025
Follow Us
නාකොටික් භාරයේ තිබූ කෝටි 300 ක මත්කුඩු රස පරීක්ෂකට භාර දෙයි

නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට පත් කර තිබූ රුපියල් කෝටි 300 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (20 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදී තිබේ.

කිලෝග‍්‍රෑම් 330 ක් වූ අදාළ මත්ද්‍රව්‍ය තොගය ඉකුත්දා නාවික හමුදාව දින 14 ක් ගැඹුරු මුහුදේ දී කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබිණ. මෙම වැටලීමේදී නාවික හමුදාව විසින් ඉරාන ජාතිකයන් 7 දෙනකු ද අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබිණ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අලෙවි කළ බවට පැවසෙන කොට්ටාවේ රජිත හසන්ත හෙවත් ‘ලොකු’ නමැත්තාට අයත් මෝටර් රථයක් සහ ඔහුගේ අනියම් පෙම්වතියට අයත් බවට සැක කරන තවත් මෝටර් රථයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර එම මෝටර් රථ දෙක ද ඊයේ රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදී ඇත.

(Lanka Leads)