Monday, July 14, 2025
Follow Us
මෙරට ලොකුම කොරෝනා පොකුර අවසන් වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කදවුරේ සියළු සාමාජිකයින් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ, ප‍්‍රතිකාර ලැබූ අවසන් නිලධාරීන් තිදෙනාද සුවය ලැබීමත් සමගයි. ඒ අනුව වැලිසර නාවික හමුදා කදවුරෙන් වාර්තා වූ කොරෝනා පොකුර අවසන් වුණා.

එය සැලකෙන්නේ ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සහිත කොරෝනා පොකුර ලෙසයි. නාවික හමුදා සාමාජිකයින් ඇතුළු 906 දෙනෙකු මෙම කොරෝනා පොකුරට අයත් වුණා.

ජා-ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට දැරූ උත්සාහයේදී ඔවුන්ගෙන් නාවික හමුදා සාමාජිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවටයි ප‍්‍රකාශ කෙරුණේ.

වැලිසර නාවික හමුදා කදවුරෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග කදවුර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගැණුනා.

ඒ වනවිට නිවාඩු ලබා ගොස් සිටි සියළු හමුදා සාමාජිකයින් යළි කදවුරු තුළට කැදවීමටයි පියවර ගැණුනේ. පසුව තත්ත්වය පාලනයවීමත් සමග වැලිසර නාවික හමුදා කදවුරේ කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කෙරුණා.

(Neth)