ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයක් මත අගමැතිවරයා විසින් පත් කරන ලද MCC විමර්ශන කමිටු වාර්තාවට අදාළව ඇමතිවරුන්ගේ නිර්දේශ කැඳවූ බව පසුගිය දිනවල වාර්තා විය.
ඉන් පසුව යම් ඇමතිවරුන් තම නිර්දේශ ලබා දීම සඳහා කල් ඉල්ලා ඇති බවද වාර්තා විය. නමුත් ඇමතිවරුන් වැඩි පිරිසක් විසින් තම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ලබා දිම වෙනුවට එම වගකීම අමාත්‍යංශ ලේකම්වරුන්ට පවරා ඇති බව යම් අමාත්‍යංශ වලින් වාර්තා විය.
ඉන්පසුව අමාත්‍යංශ ලේකම්වරු පිරිසක් සාමූහිකව සාකච්ඡා කොට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට තීරණය කිරීම නිසා ඔවුන් විසින් ඒ සඳහා විදේශ අමාත්‍යංශයේ ලේකම් වරයාගේ උපදෙස් පතා ඇති බවද විදේශ අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා විය.
ඒ අනුව විදේශ ලේකම්වරයා විසින් ඇමරිකාව තරහ කර ගන්නා ආකාරයකට MCC ප්‍රශ්ණය කළමණාකරනය නොකළ යුතු බවට සහ ගුණරුවන් කමිටුවේ ඇමුණුම ප්‍රකාශයට පත් නොකරන ලෙස අගමැතිවරයාට උපදේශාත්මක ලිපියක් යවා ඇති බව ද වාර්තා වේ.
නමුත් විදේශ ලේකම්වරයා විසින් ඒ සඳහා විදේශ අමාත්‍යවරයාගේ අවසරය ලබාගෙන නැති බවද වාර්තා වේ.
(Lanka LEads)