පසුගිය රජය විසින් 2019 මැයි මාසයේදී ඉන්දියාව සහ ජපානය සමඟ අත්සන් කරන ලද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමේ සහයෝගිතා ගිවිසුම ලංකා ලීඩ් වෙත ලැබී ඇත.
තොරතුරු දැන ගැනීම සඳහා මහජනයාට ඇති අයිතියට ගරු කරමින් එම ගිවිසුම ප්‍රසිද්ධ කෙරෙන බව සැලකිය යුතුය. එම ගිවිසුම මඟින් වරාය පර්යන්තය ඉන්දියාවට දීමට බැඳීමක් ඇති වී ඇති බැවින් දැන් ඊට අනුව කටයුතු කළ යුතු බවට රජයේ පාර්ශව වලින් මතයක් ඉදිරිපත් වී ඇතත් ගිවිසුමේ තාක්ෂණිකව එවැනි ප්‍රතිපාදන නොමැති බව ලංකා ලීඩ් වෙත උපදෙස් ලබා දෙන නීතිඥවරු පවසති.
කෙසේ වෙතත් පසුගිය රජය සමයේදී එම සහයෝගීතා ගිවිසුම අනුව අවසන් නීතිමය ගිවිසුම අත්සන් කිරීමට නොහැකි වූයේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට විරෝධය පළ කිරීම නිසාය.
සම්පූර්ණ ගිවිසුම කියවීමට පහතින් පිවිසෙන්න –
(Lanka Leads)