Wednesday, February 11, 2026
Follow Us
ගෙවී ගිය පැය 24 දී මෙරටින් හඳුනාගත් ආසාදිතයින් ගණන 20ක්

සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

එම පිරිසත් සමග ඊයේ (19) දිනයේ දී හදුනා ගැණුනු සමස්ත ආසාදිතයින් ගණන 20 ක් දක්වා ඉහළ ගියා. ඒ අතරට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ සමීපතමයින් සිව් (04) දෙනෙකුද අයත්. ඔවුන්ගෙන් තිදෙනෙකු කහතුඩුවේදී හදුනාගෙන ඇති අතර තවත් එක් අයෙක් පැල්මඩුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කටාර් රාජ්‍යයේ සිට පැමිණි තිදෙනෙකුටද, ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකුටද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් සියලූ දෙනා නිරෝධායනය වෙමින් සිටි අයයි.

ඒ අනුව මේ වනවිට මෙරටින් හදුනා ගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 2,724ක්. කෙසේවෙතත් ඒ අතරින් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ රෝගීන් 678 දෙනෙකු පමණයි. සම්පූර්ණයෙන් සුවය ලැබූ රෝගීන් ගණන 2,035 ක්.
නාවික හමුදා පොකුරෙන් හදුනා ගත් ආසාදිතයින් අතරින් තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ තිදෙනෙකු පමණයි.

(Neth)