Monday, July 14, 2025
Follow Us
ඊයේ දිනය තුළ ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (18) දිනය තුළ පමණක් ආසාදිතයින් හත්දෙනෙකු හඳුනාගැණුනි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් පස්දෙනෙකු ඒ අතර වේ.

ඔවුන්ගෙන් සිව්දෙනෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවූවෙකු ද ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්ව සිටි අය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නිරෝධායනට ලක්වෙමින් සිටි පිලිපීනයේ සිට පැමිණි අයෙකු ද කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස ඊයේ හඳුනාගැණුනි.

(Lanka Leads)