Monday, July 14, 2025
Follow Us
පවිත්‍රාගේ කතාවට PHI ලා ඔරොප්පු වෙති – සියලු බෝවන රෝග පාලන රාජකාරිවලින් ඉවත්වීමේ තීරණයක

අද (19) සිට සියලු බෝවන රෝග පාලන රාජකාරි කටයුතුවලින් ද සිය සංගමය ඉවත් වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ තම සංගමයේ ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් ඉදිරියේ දී වර්ජනයකට වුව ද සූදානම් බවය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙරේදා (17) දහවල් සිට කොවිඩ්-19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ද ඉවත්වීමට තීරණය කළේ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් ගැසට් කිරීමේදී මහජන පරීක්ෂක වරුන්ට බලය පැවරීමෙන් මහජනතාව අපහසුතාවයට පත්විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශයක් හේතුවෙනි.


(Lanka Leads)