Wednesday, February 11, 2026
Follow Us
ඇසළ මහා පෙරහර මංගල්‍ය 21 ඇරඹෙයි

මේ මස 21 වනදා යෙදෙන සුභ මොහොතින් සිදුකෙරෙන කප් සිටුවීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍ය ආරම්භ කෙරෙන බව දියවඩන නිලමේ නිලංග දෑල පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඇසල මහා පෙරහැර මංගල්‍ය පිළිබඳ දැනුම්දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදීයි.

රජය සහ සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව මෙවර මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍ය, නරඹන්නන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන බවයි දියවඩන නිලමේ නිලංග දෑල වැඩිදුරටත් පැවසුවේ.

(Neth)