තමන් හෝ අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක හෝ දේශපාලන කණ්ඩායමක සමග හෝ දේශපාලනයේ නිරත නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අවධාරණය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමි සඳහන් කලේ තම අවසරයකින් තොරව ඇතැම් මැතිවරණ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා තම ඡායාරූපය භාවිත කරන බවයි.
තමන් හමුවීමට පැමිණි අවස්ථාවලදී ලබා ගත් ඡායාරූප මෙලෙස ඔවුන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා බවයි කාදිනල් හිමි පෙන්වා දෙයි.
(Lanka Leads)