සියලූ රාජකාරීවලින් ඉවත්වීම සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.
ඔවුන් මේවනවිට කොරෝනා මර්දන රාජකාරීවලින් ද ඉවත්ව සිටින්නේ මහ මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් සිය පාර්ශවයට නීතිමය බලයක් ලබානොදීම සහ අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි හට විරෝධය පළකරමින්.
අද දිනයේදී පැවැත්වන සාකච්ඡාවක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ නෙත් නිවුස් වෙත මෙලෙස කරුණු දැක්වුවා.
සිය ගැටලූවලට විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කරන බවයි ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේ.
(Neth)