Monday, July 14, 2025
Follow Us
කන්දකාඩු කොරෝනා පොකුරත් පාලනයට නතු වෙයි

කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කොරෝනා ආසාදිත පොකුර මේවනවිට පාලනය වූ තත්ත්වයකට පැමිණෙමින් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඊයේ දිනයේදී පමණක් මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනුණා. එම අසාදිතයින් අතරට රාජාංගනය ප‍්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකු, කන්දකාඩු සහ සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානවල රැඳවියන් 06 දෙනෙකු සහ ඔවුන්ගේ ආශි‍්‍රතයින් දෙදෙනෙකු මෙන්ම ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු ද අයත් බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

ඒ අනුව මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 2,697 දෙනෙකු වාර්තා වනවා.

ඉන් ආසාදිතයින් 2012 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 674 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

(Neth)