Wednesday, February 11, 2026
Follow Us
පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු නිරෝධායනයට

පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කොට 17 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට අද(17) පියවර ගෙන ඇත.

ඒ අතර පිළියන්දල දිසා රෝහලේ එකොළොස් දෙනෙකු ද, රන් භාණ්ඩ අලෙවි සැලක හය දෙනකු ද වන බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ආ රත්නපුර ප්‍රදේශයේ පදිංචි කොරෝනා රෝගී යුද හමුදා නිලධාරියාගේ ,මවට සහ මිත්තණියටද කොරෝනා රෝගය වැළඳුණු බවට 16 දා වාර්තාවීමත් සමග එම කාන්තාවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනා නිරෝධනයට ලක් කර ඇත.

එසේම එම කාන්තාවන් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි රන්භාණ්ඩ අලෙවි සැලකට ද ගොස් ඇති අතර එම අලෙවි සැල නිරෝධනයට ලක් කොට එහි සේවකයින් හයදෙනෙකු ද මෙසේ පි.සි.ආර් පරීක්ෂණයට යොමු කර ඇත.

(Aruna)