Wednesday, April 01, 2026
Follow Us
කන්දකාඩු කොරෝනා පොකුර : රත්නපුර 320ක් නිරෝධායනයට

රත්නපුර දිස්ති‍්‍රක්කයේ නව්‍ය කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් 05 දෙනාගේ පළමු සමීපතමයින් 320 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

එලෙස නිරෝධායනයට යොමු කර ඇත්තේ රත්නපුර, ගනේගොඩ, ඇහැලියගොඩ, තොරණගොඩ, කුරුවිට, නඩුකාරදෙණිය, පැල්මඩුල්ල, නාරන්ගොඩ සහ කලවාන ප‍්‍රදේශවලට පැමිණි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සමීපතමයින් පිරිසක්.

ඔවුන්ගේ ජෛව සාම්පල පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව රත්නපුර දිස්ති‍්‍රක් කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී අනාවරණ කෙරුණු බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

මේ අතර, රත්නපුර ශික්ෂණ රෝහලේ කොරෝනා පරීක්ෂණ සිදුකරන පී සී ආර් පරීක්ෂණ යන්ත‍්‍රය කාර්මික දෝෂයකට ලක්ව ඇති බැවින් එය කඩිනමින් අළුත්වැඩියා කරන ලෙසයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම රැස්වීමේදී අදාළ පාර්ශව වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

(Neth)