Wednesday, February 11, 2026
Follow Us
CID ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ වැඩ තහනමට ලක්කරමින් ජාතික පොලිස් කොමිසම නිකුත් කළ ලිපියෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලමින් පෙත්සම ගොනු කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම ඇතුළු 17 දෙනෙකු නම් කර තිබේ.

(LNW)