Tuesday, November 11, 2025
Follow Us
බදුල්ලෙන් කොරෝනා ආසාදිතයින් 3ක් සොයා ගැනේ

බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන ඇත.

ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් තිදෙනෙක් බව වාර්ථා වෙයි.

ඔවුන් නිවාඩු ලබා තම නිවස්වලට පැමිණ ආපසු සේවයට ගිය අවස්ථාවේදී කරන ලද පරීක්‍ෂණවලදී ආසාදිතයන් යැයි හෙලි වි ඇත.

ඔවුන් නිවාඩු ලබා සිටියදී සිදුකළ සංචාරකයන්ගේ සමීප ආශ්‍රිතයන් 116ක් නිරෝධායනයට ලක් කර ඇති අතර මෙසේ ආසාදිත බව තහවුරු වී ඇත්තේ බදුල්ල කැන්දගොල්ල, පස්සර සහ මහියංගනය ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

(Lanka Leads)