Wednesday, February 11, 2026
Follow Us
මොරටුව ලක්ෂපතිය පෙ‌දෙසෙන් කොරෝනා ආසාදිතයෙක්

මොරටුව ලක්ෂපතිය අර්නස්ට් පෙ‌දෙ‌සේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ පිළිබදව සොයා බැලීමේදී මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු මෙසේ පැවසීය.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කරන මොරටුව ලක්ෂපතිය අර්නස්ට් පෙ‌දෙසේ ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු එහිදී නිරෝධායනයට ලක් කර ඇති බවයි.

ඔහුගේ පදිංචිය ලෙස සදහන් කර ඇත්තේ මොරටුව ලක්ෂපතිය වන හෙයින් මේ වන විට එම පුද්ගලයාගේ නිවැසියන්ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි එම නිලධාරියා පැවසීය.

මෙය මෙම ප්‍රදේශයන්හි ව්‍යාප්ත වන තත්ත්වයක් නොවන බව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු අවධාරණය කර සිටියේය.

(Aruna)