Wednesday, February 11, 2026
Follow Us
කලවානේ වෙළදසැල් වසා දමයි

රත්නපුර කලවාන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගත් බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් කලවාන ප්‍රදේශයේ වෙළඳසැල් වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

අද(14) දහවල් 12.00 සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට කලවාන වෙළඳ සංගමයේ සිටින 300 ක පමණ වෙළඳමහතුන්ගේ එකගතාවය පළ කර ඇත

එමෙන්ම රත්නපුර දිස්ත්‍රීක්කයේ කුරුවිට, ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රදේශවලින්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති අතර ඔවුන් සියලුදෙනා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය හා සම්බන්ද රාජකාරිවල යෙදී සිටි අය වෙයි.

ඔවුන් සියලු දෙනාගේම සමීපතමයන් නිරෝධායන කදවුර වෙත යොමු කර ඇති බව ද කන්නන්ගර මහතා පැවසීය.

(Aruna)